ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් මෙරට දේශපාලන සංස්කෘතියට ලබාදී ඇත්තේ ආදර්ශයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

වැරදි සිදුවීමට හැකි බවත් එම වරද පිළිගෙන නිහතමානීව එම තනතුරෙන් ඉල්ලා අස්වීම වැදගත් බවයි විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ලොහාන් රත්වත්තේ බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේ, ලොහාන් රත්වත්තේ ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියා නම් ඔහු එම අමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්වනු ඇති බවයි.