ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අසංක නවරත්නටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනක වක්කුඹුර හා අසංක නවරත්න පමණක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ දින සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනකුට වෛරසය ආසාදනය වී තිබෙන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ. 

Image