මෙරට ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමක් සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම විකුණුම් අගය අද (06) දින සටහන් වූවා.

අද දින විනිමය අනුපාතයන්ට අනුව බ්‍රිතාන්‍ය පවුමක් සඳහා විකුණුම් මිල රුපියල් 317.47ක් ලෙසින් දැක්වුණු අතර මිල දී ගැනීමේ අගය දැක්වුනේ රුපියල් 307.13 ලෙසින්.

මේ මස මුල බ්‍රිතාන්‍ය පවුමක විකිනුම් මිල රුපියල් 292.71ක් ලෙසින් පැවති අතර ඉතා කෙටි කලකදී ‍බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 30කින් පමණ පහල ගොස් තිබෙනවා.

මීට අමතරව ජපාන යෙන් මුදල් ඒකකයද ඉතිහාසයේ පළමුවරට රුපියල් දෙකේ සීමාව ඉක්මවා ගියා.

අද දින ජපාන යෙන් එකක් සඳහා විකුණුම් මිල රුපියල් රුපියල් 02.01ක් ලෙසින් දැක්වුණු අතර යෙන් එකක ගැනුම් මිල දැක්වුනේ රුපියල් 02.09ක් ලෙසින්.