රට දීර්ඝකාලීනව වසාදැමීම ප්‍රායෝගික නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රට කොරෝනාවෙන් බේරාගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් රට වසා දැමුණු කාලයේදී ජනතාව දැක්වූ සහයෝගයට ස්තුතිය පුද කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

කොරෝනා පරාජය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කරගෙන යන කාර්යභාරය අගය කරන බවද රාජපක්ෂ මහතා කීවේය .

අගමැතිවරයා මෙසේ පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකදීය