ඊශ්‍රායලය, රුසියාව සහ යුරෝපා රටවල්වලින් සංචාරකයින් මෙරටට ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එළැඹෙන නොවැම්බර් මස ප්‍රංශයෙන් ද සංචාරකයින් රැගෙන ඒමට සුදානම් බව එම වාර්තාවේ සඳහන් ය.

මේ දිනවල ලෝකයේ වැඩිම ආසාදිතයින් ප්‍රතිශතයක් වාර්තා වී ඇති රටවල් අතරට ඊශ්‍රායලය ද අයත් ය.

එරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 7500 ක් ලෙස වාර්තා වෙයි