ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ නීති විරෝධී ලෙස පාකිස්තානය දක්වාගමන් කිරීමට සූදානම් වන ශ්‍රී ලාංකීකයින් පිරිසක් සම්බන්ධයෙන් තමිල්නාඩු ධීවර ප්‍රජාව හරහා ලද තොරතුරකට අනුව ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

කේරළයේ එර්නකුලම් සහ අර්පූශා යන සමුද්‍රීය නගර ආශ්‍රිතව ඉදිරි පැය 72 තුලදී මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පාකිස්තානය බලා යාම සඳහා ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු පමණ එර්නාකුලම සහ අලාප්පු වෙරළ තීරයට පැමිණෙන බවට ඉන්දීය බුද්ධි සේවය විසින් නිශ්චිත බුද්ධි අනතුරු ඇඟවීමක් නිකුත් කළේ පසුගිය සෙනසුරාදා ය. එතැන් සිට වෙරළබඩ තීරයේ සිට විදේශිකයින්ගේ සංචරනය වැළැක්වීම සඳහා පොලිසිය දැඩි සෝදිසියෙන් සිටි බව “නිව් ඉන්දියන් එක්ස්ප්රස්” වාර්තා කළේය.