තමන් සංගීතඥයෙකු සහ ගීත රචකයෙකු වන ඉරාජ් වීරරත්නට පහර දුන් බවටත් එම නිසාවෙන් ඉරාජ් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක තනතුරෙන් ඉල්ලා අස්වූ බවටත් පැතිර යන ආරංචි ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පවසයි.

සමාජ මාධ්‍ය තුළ පැතිර යන එවැනි කටකතා පදනම් විරහිත බවත් වීරරත්න සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් යෝෂිත රාජපක්ෂ  ‘ඩේලි මිරර් පුවත්පත’ වෙත පවසා තිබේ.

“මම ඔහුව අවසන් වරට දුටුවේ මා කලකට පෙර සහභාගී වූ උත්සවයකදී ය. මම ඔහු සමඟ කිසිසේත් සම්බන්ධ වී නැත. ඔහුගේ ඉල්ලා අස්වීමට මට කිසිඳු සම්බන්ධයක් නැත”