හෘද වස්තුව ආශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා යළි රෝහල් ගත කර ඇත.

මිට මාස කිහිපයකට පෙර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හෘද වස්තුව ආශ්‍රිත සැත්කමකට භාජනය කරනු ලැබු අතර පෙර සිදුකළ සැත්කම හේතුවෙන් ඔහුට මෙම සංකුලතා ඇතිවන්නට ඇති බව සැක කෙරේ.

ඊයේ දිනයේදී ඔහු දැඩි සත්කාර ඒකකයේ පසුවුවත්, ඔහු අද වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරුකර යවා ඇත.

ලබන සිකුරාදා ඔහු නැවතත් ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.