හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වෙහෙරගොඩ වත්ත නැමැති අක්කර 131 රූඩ් 2 පර්චස් 29 ක ඉඩම වසර 30 ක කාලයකට බදුදීමට ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඉදිරිපත් කළ යෝජානාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පැවරී තිබූ මෙම ඉඩම කෘෂිකාර්මික වෘත්තීය පුහුරු කටයුතු සඳහා යොදා ගැනීම පිණිස ශ්‍රී ජිනරතන අධයාපනික ආයතනයේ පාලක සභාව වෙත බදු පදනම මත ලබාදීමට නියමිතයි.

අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුනේ මෙම ඉඩම නිසි නඩත්තුවකින් තොර නිසරු පොල් වගාවකින් යුක්ත බවයි.