ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත විය.

(06දා) කොළඹ පුද්ගලික රෝහලකදි ගුරුගේ මහතා මියයන විට 86වන වියෙහි පසුවිය. ඔහු දු දරුවන් හත් දෙනෙකුගේ පියෙකි.

මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ. මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස දුප්පතුන්ට මුදල් බෙදාදීම ආරම්භ කළේද ගුරුගේ මහතායි.

ඔහු ප්‍රකට සමාජ සේවකයෙකි. විහාරාස්ථාන ගණනාවක්ද ගුරුගේ මහතා ව්සින් ගොඩ නගා තිබේ. අවසන් කටයුතු අද (07දා) සිදු කිරිමට නියමිතය.