PFizer කොවිඩ් මර්දන එන්නත හම්බන්තොට ප්‍රදේශයට ලබා දීම කුමන්ත්‍රණයක් බව නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

“ඇත්ත වශයෙන් ම කවුරුහරි හිතාමතා ජනාධිපතිතුමාට ලකුණු දාගන්න වැඩක් ද, නාමල් මහත්තයගෙන් ලකුණු දාගන්න කරපු වැඩක් ද එහෙමත් නැත්නම් අගමැතිතුමාට නම් ලකුණු දාගන්න වැඩ කරන්නේ නැහැ. හම්බන්තොට නෙවෙයි හැම කෙනාට ම ගහන්න තියෙද්දි දැන් ඒගොල්ලෝ කියනවා ගුවන් තොටුපළ තියෙනවා කියල. කොළඹත් තියෙනවනේ කොළඹ පහු කරල කොළඹ චීනෙට දීලා ඇයි හම්බන්තොටට Pfizer එක දෙන්නේ. මේකේ රහසක් හරි කුමන්ත්‍රණයක් හරි ලකුණු දමා ගැනීමක් තියෙන එකයි මට පේන්නේ,” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළේය.