ප්‍රධාන හාල් මෝල් සියල්ලේම අයිතිය සතුවන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැවින් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී හාල්මිල සම්බන්ධව තීරණයක් ගත හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

ඒ ඊයේ (02) දින මාධ්‍ය අමතමින්.

හදිසි නීතියද ගෙන එමින් විවිධාකාර දෑ සිදුකළද අවසානයේදී අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතාගේ මිලට යටහත් පහත්ව රජය එකඟ වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එබැවින් නාට්‍ය රංගනය නවත්වා ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

“මං නං කියන්නේ ඔය අමාත්‍යධූර සියල්ල අයින් කරගෙන ඔය ඩඩ්ලි සිරිසේන මහත්තයට දුන්නා නම් මම හිතන්නේ මීට වඩා හොඳට කරයි” යැයි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.