2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මේ බව තහවුරු කළේය.

ඔහු සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට ආදාළ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත් ඊට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ පවත්වා පසුව එම ප්‍රතිඵල සමස්ත ප්‍රතිඵලයට එකතු කිරීමට සැලසුම් කර ඇති බවත් ය.

 www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ප්‍රතිඵල දැනගත හැකිය.