මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රනවකට එරෙහිව පවරා ඇති ජී. අයි. බට නඩුව ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේය.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්‍ෂ 365ක් වැය කර 2015 ජනාධිපතිවරණය සමයේදී මිලදී ගත් ජී. අයි. බට 600ක් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ අරමුණින් පළාත් පාලන ආයතන වෙත බෙදාහැරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.