ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘනායි යන රටවලට සංචාරය නොකරන ලෙස එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ඊයේ (07) එරට ජනතාවට අනතුරු ඇඟවූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

එම රටවල COVID-19 රෝගීන් වාර්තාවීම ඉහළ යාම එම දැනුම්දීමට හේතුවූ බවයි පුවත්පත වාර්තා කරන්නේ

එම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල් අවදානම් වර්ගීකරණයේ “4 වන මට්ටම – ඉතා ඉහළ” මට්ටම දක්වා ඉහළ නංවා ඇති අතර ඇමරිකානුවන්ට කියා සිටියේ අදාල රටවල් වලට ගමන් කිරීමෙන් වළකින ලෙසයි.