නිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවයි. නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන පරිදි අනවශ්‍ය ලෙස වාහන සහ මහජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරන බවත් බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු සිදුකරන බවත් එලෙස ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ ලබාදෙනවා නම් මෙම ඇඳිරිනීති කාලසීමාවෙන් කිසිඳු ඵලක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.