ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සහ රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සහල් මිල පිළිබඳව ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්. වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත සම්බන්ධව දැනුවත් කිරීම සඳහා එම විශේෂ ප්‍රකාශය කරනු ලැබුවා.

හදිසි නීති රෙගුලාසි පණවමින් වී / සහල් / සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ ගණන් පාලනය කිරීමේ මෙහෙයුම් රජය විසින් ආරම්භ කලේද ජනාධිපතිවරයාගේ එම දැක්ම යටතේ ගත් තීරණ වල ප්‍රතිඵල අනූව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊට අදාළ නිවේදනය පහතින්