පසුගිය අගෝස්තු 3 වන දින කොතලාවල පනතට එරෙහිව පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තවත් තිදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත යන අය කොරෝනාවෛරසය අසාදනය වූ සෙසු පිරිස අතර වෙති.

පසුගිය අගෝස්තු 6 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන අවස්ථාවේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ අනුව මොවුන් කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබුණු බව අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත් බදුල්ල, තල්දෙන රැඳවුම් මධ්‍යස්ථානයේදී අගෝස්තු 25 වන දින සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ අනුව තහවුරු වී ඇත්තේ මොවුන් තිදෙනාට කොරෝනාවෛරසය අසාදනය වී ඇති බවය.