දැනට මෙරට ක්‍රියාත්මක නිරෝධායන ඇඳි‍රි නීතිය මේ මස 18වනදා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය රජයෙන් ඉල්ලා සිටිනවා.

පවතින සංචරණ සීමාවන් 13වනදායින් අවසන් වීමට නියමිත නමුත්, එන්නත්කරණය අතරතුර කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා මෙසේ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම උචිත බවයි ඇය පවසන්නේ.

සංචරණ සීමා මගින්ම කොවිඩ් පාලනය නොවන නමුත් එන්නත්කරණය හරහා ලබා ගැණීමට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට එය උපකාරී වනු ඇති බව ඇය පෙන්වා දෙනවා.

දැඩි නීතීරීති හරහා කොවිඩ් වසංගතය පාලනය කිරීමට ගතවන කාලය අවම කරගැනීමට හැකිවනු ඇති බවත් නොඑසේ නම් මෙරට සමස්ථ ජනගහනයටම ශීඝ්‍රයෙන් වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති බවත් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කර සිටිනවා