ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත කළමනාකරණය කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකී ගොස් තිබුණේ ඉංජිනේරුවකුගේ අත්වැරදීමකින් බවත්, පද්ධතියට ඇතුළුවීමට අවසර ලද පසු අදාළ දත්ත යළි ප්‍රතිස්ථාපනය කළ හැකි බවත් එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර සමාගම මීට පෙර සඳහන් කර තිබිණි.