ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්නොකළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළා.