කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන් කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියාව පෞද්ගලිකව නොහඳුනන බවත් නෙළුම් පොකුණේ සිද්ධිය පිළිබඳව දැන ගැනීමට ඔහු තමන් සමග දුරකතනයෙන් කතාබහ කළ පමිණින් තමන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම විහිළුවක් බවත් ඇය සඳහන් කළාය. 

“කීර්ති රත්නායක කියන journalist මට කතා කළා අර නෙළුම් පොකුණේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන අහන්න. ඔහුව කොහො ම ද දන්නේ කියන එක තමයි. Journalist කෙනෙක් හැම තිස්සේ ම ඉතින් අපිට කතා කරනවා. කීර්ති රත්නායක නෙමෙයි ඇති වෙන්න journalists ලා ඒ කාලය තුළ දී මම හිතන්නේ internationally වුණත් journalists ලා අපිට කතා කළා ඒ සම්බන්ධව අහන්න. 

ඉතින් අපිටත් ඕනේ වුණේ අපේ පැත්තේ තිබ්බ story එක එළියට… මොක ද හරි ම අඩු ප්‍රමාණයක් තමයි අපේ පැත්තෙන් තියෙන ඇත්ත එළියට දැම්මේ. එයාව කොහො ම ද දන්නේ කියල අහන්න තමයි මට අද එන්න කිව්වේ. මේක විහිළුවක්. මොක ද මම කීර්ති රත්නායක කියන journalistව කළු ද සුදු ද කියලවත් දන්නේ නෑ. මොක ද අපිට කතා කළා ම media එකකින් ආ මම මේ media එකෙන් කතා කරන්නේ, අපිට දෙන්න කියලා. ඉතින් අපි දෙනවා. 

ආදරණීය අපේ ජනාධිපතිතුමාට අපි කියන්න ඕනේ අපිත් මහන්සි වුණා ඔබතුමාව මේවා කරන්න. පහුගිය කාලේදී අපි දැක්කා ගොඩාක් දේවල් වෙනවා. ඒගොල්ලන්ව නම් අපි දැක්කේ නෑ CID කැඳවනවා. මම සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය ගැහැණියක්. ඉතින් අපිව මෙහෙ ම ගෙන්නනවා කියන්නේ මාධ්‍යවේදියෙක් එක්ක කතා කරනවා කියලා ඇත්තට ම ඒක විහිළුවක්.”

මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට කළ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.