වී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

2021/20211 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනයට මෙලෙස අනුමැතිය හිමිවී ඇත.

වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම විසින් ආනයනය කිරීමටත් අනෙක් බෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් ආනයනය කර තරඟකාරී මිල ගණන් මත ගොවීන්ට ලබාදීමටත් කටයුතු සලසා තිබේ.