පසුගිය කාලයේ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ඉඩම් විනාශ කරමින් කැලෑ ගිනි තබමින් කෝමාරිකා වැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් රටේ ආන්දෝලනයක් ඇති කල අවුරා ලංකා හර්බල්ස් පවුද්ගලික සමාගමට යලි කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව කෝමාරිකා වගාවක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 102,000ක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

වසර 30ක දීර්ඝ කාලීන බදු පදනම මත එම සමාගම වෙත එකී ඉඩම් ලබාදීමට වන යෝජනාව මුදල් අමාත්‍යවරයා සහ ඉඩම් අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අද දිනයේ නිකුත් කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය මෙසේය.