නිරෝදායනය වන පොලිස් නිලධාරීන් සඳහා තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් කොළඹ කෙසෙල් වත්ත ප්‍රදීපා ශාලාවේදී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා .

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ඇඳන් 75කින් යුක්ත සියලු පහසුකම් ඇති කර තිබෙනවා . කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙම නිරෝධායන මධ්‍යස්ථානය ආරම්භ කළා .

පවතින කොරෝනා තත්ත්වය හමුවේ මේ වනවිට ඇඳන් 600 ට වැඩි ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා පොලිස් නිලධාරීන් වෙනුවෙන් ආරම්භ කර තිබෙනවා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතා කියා සිටියේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල සාර්ථකව සිදුවන බවයි .

බස්නාහිර පළාතේ ගමන් කරන රථවාහන වැඩි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ .අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථවාහන වල වැඩිවීමක් තිබුණත් එම රථ වාහන ගමනාන්ත දක්වා ගමන් කරන්න නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි . සංචාරණ සීමා තිබුනත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමෙන් කිසිදු බාධාවක් නැති බව ද දේශබන්ධු මහතා කියාසිටියා..