කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 5,350ක් අද (30) දිනයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් දත්ත පද්ධතියට එකතු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් ගණන 65,146ක් වන අතර සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 431,519ක් දක්වා ඉහළ යනවා.

එම ආසාදිතයින් පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකෙරුණු PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් හඳුනාගත් රෝගීන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.