ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍180 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 7 දෙනෙකු, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 40 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 133 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 10,320 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.