ලෝකයේ පවත්නා මිලගණන් යටතේ PCR පරීක්ෂණයක් රුපියල් 2000 ටත් රැප්ඩ් ඇන්ටිජන් පරික්ෂාවක් රුපියල් 600 ත් – 650 ත් අතර මිලකටත් සිදුකළ හැකි බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

Youtube නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවක් සමඟ එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අඩු මිලට මෙරටට ගෙනඒමට හැකි බවට මිලගණන් ඉදිරිපත් කරන සමාගම් යටපත් කරමින් බලවත් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇති බවයි.

ඒ අනුව මෙරට ජනතාවට වැඩිමිලට රැපිඩ් පරීක්ෂණ හා PCR පරීක්ෂණ කිරීමට සිදුව ඇති බවත් එය අපරාධයක් බවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අවධාරණය කරන