COVID-19 වසංගතය තවමත් වේගයෙන් ව්‍යාප්ත වන වාතාවරණයක් තුළ COVID දැනුවත් කිරීම අත්‍යවශ්‍ය මොහොතක, වෛරසය පිළිබඳ වැරදි තොරතුරු සහ අදහස් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. එහෙයින්, නිවැරදි කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් ය.
ඒ අනුව, ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දීමේ අරමුණ ද ඇතිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් තත්ත්වය සහ පාසල් අධ්‍යාපනය කෙරෙහි එහි බලපෑම පිළිබඳව ගේට්වේ ජාත්‍යන්තර පාසල් ප්‍රජාව ඉදිරියේ දේශනයක් කළාය.
රටේ වර්තමාන කොවිඩ් තත්ත්වය කෙතරම් නරක ද?
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණ ද, වාර්තා වන මරණ සංඛ්‍යාව එලෙස ම පවතී. කෙසේ වෙතත්, මෙම මරණ සංඛ්‍යාව සති 2-3 කට පෙර වාර්තා වූ ආසාදන හේතුවෙන් සිදුවූ මරණ බව මහාචාර්ය නීලිකා පැහැදිලි කළාය.
වත්මන් සංඛ්‍යා ලේඛන සැලකිල්ලට ගනිමින් ඇය කියා සිටියේ රට ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවය.
“කොවිඩ් ගැන අපි කනස්සල්ලට පත් විය යුතු එක ම හේතුව ඉන් මරණ සිදුවීමයි. වෙනත් ඕනෑ ම සන්දර්භයක් තුළ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව කෙරෙහි බියක් ඇති කර ගත යුතු නැහැ,” ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, ඇය පෙන්වා දුන්නේ, කොරෝනාවෛරසය දරුණු ලෙස නියුමෝනියාව ඇති කරන අතර එහි අවසානය දැඩි සත්කාර ඒකකයේ සිට ඔක්සිජන් අවශ්‍ය වීම දක්වා වර්ධනය විය හැකි බවය.
වයස අනුව මරණ අවදානම
මෙම මාතෘකාව පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරයා පැවසුවේ වැඩිහිටි ජනගහනයට වඩා ළමයින්ට COVID-19 මරණ අවදානම අඩු බවය.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලින් ලබා ගත් සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් මහාචාර්ය නීලිකා පැවසුවේ, ළමුන් මිලියනයකට කොරෝනාවෛරසය ආසාදනය වුවහොත් 13 දෙනෙකු මිය යා හැකි අතර වයස අවුරුදු 65-74 අතර වැඩිහිටියන් මිලියනයකට වෛරසය ආසාදනය වුවහොත් ඉන් 22,000 ක් මිය යා හැකි බවය.
ඇය පෙන්වා දුන් පරිදි, නරක ම දෙය නම් අවුරුදු 75 ට වැඩි පුද්ගලයින් මිලියනයක පමණ ජනගහනයක මිනිසුන් 120,000 ක් මිය යා හැකි වීමය.
බොහෝ රටවල් මෙම හේතුව නිසා මුලින් ම තම වැඩිහිටි ජනගහනයට එන්නත ලබා දුන් බව ඇය පෙන්වා දුන්නාය.
“අපි අපේ දරුවන්ට වඩා අපේ දෙමාපියන් ගැන සැලකිලිමත් විය යුතුයි,” ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, ස්ථූලභාවය, දියවැඩියාව, ස්නායු ආබාධ, ප්‍රතිශක්ති ඌණතාවයෙන් පෙළෙන දරුවන්, මාස 0-3 ක් වයසැති ළදරුවන් සහ අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් තුළ දරුණු ලෙස කොරෝනාවෛරසය වර්ධනය වීමේ අවදානම වැඩිහිටියන් හා සමාන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පාසල් වසා තැබීමෙන් සිදුවන බලපෑම
පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රය මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව සිටී. සාපේක්ෂව අඩු රෝගීන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ කාලයේදීත්, ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා ශ්‍රී ලංකාවේ පාසල් වසා දමා තිබිණි. දරුවන්ට එන්නත ලබා දීමට පෙර සිට ම වෙනත් රටවල පාසල් විවෘත කෙරිණි.
මාර්ගගත අධ්‍යාපනයේ ගැටලු අවධාරණය කරමින් මහාචාර්ය නිලීකා සඳහන් කළේ, රටේ දරුවන් විශාල සංඛ්‍යාවකට මාර්ගගත පන්තිවලට යාමට අවශ්‍ය පහසුකම් නොමැති බැවින් මාර්ගගත අධ්‍යාපනය දුර්වල මට්ටමක පවතින බවය. තව ද, මාර්ගගතව පාසල් පවත්වාගෙන යාම නිසා දරුවන්ට සමාජානුයෝජනය සඳහා අවශ්‍ය වැදගත් අවස්ථා අහිමි වන අතර එමගින් විනාශකාරී හා දිගුකාලීන බලපෑම් දරුවන්ට සිදුවන බව මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.
එන්නත – කොරෝනා වෛරසයට එරෙහි ප්‍රබල පළිහක් ද?
“පූර්ණ එන්නත ලබා ගත් වයස අවුරුදු 80 ක් වූ පුද්ගලයෙකුට වයස අවුරුදු 50ක එන්නත නොගත් අයෙකු හා සමානව මරණ අවදානමක් තියෙනවා,” මහාචාර්යවරිය පවසයි.
මෙය සත්‍යයක් වුව ද එන්නත ලබා දීමෙන් ආසාදනය වීමේ හැකියාව මුළුමනින් ම බැහැර නොකරන නමුත් වෛරසයෙන් තමාව ආරක්ෂා කර ගැනීමට ඇති හොඳ ම පියවර එය බව ඇය පැවසුවාය.
වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා එන්නත් අත්හදාබලා නොමැති නමුත්, ෆයිසර් සහ මොඩර්නා එන්නත් අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා භාවිත කිරීමට අනුමත කර ඇතැයි ඇය පැවසීය.
ළමුන් සඳහා එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් මහාචාර්යවරයා සහතික කරන්නේ, වයස අවුරුදු 12-18 අතර වයසේ පසු වන දරුවන්ට එන්නත ආරක්ෂිත වන අතර ඉන් අතුරු ආබාධ ඇති වීම දුර්ලභ බවය.
අතුරු ආබාධවලට උදාහරණ වශයෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නත් භාවිත කිරීමෙන් පසු වාර්තා වූ මයෝකාඩයිටිස් අවස්ථා ඇතුළත් වේ.
මෙමගින් හෘදයේ ආබාධ ඇති වන අතර කාන්තාවන්ට වඩා තරුණ පිරිමින් තුළ වැඩි වශයෙන් දක්නට ලැබේ. වයස අවුරුදු 12-17 අතර වයසේ පසු වන මිලියන 10 ක ජනගහනයකින් ආසන්න වශයෙන් 56-96 දෙනෙකු අතර මෙම අතුරු ආබාධ වාර්තා වේ.
කෙසේ වෙතත්, එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ ඇති වුවහොත් එම සිදුවීම වාර්තා කර වෙනත් එන්නතක් භාවිත කරන ලෙස දරුවාට උපදෙස් දෙනු ලැබේ.
අනෙකුත් වැළැක්වීමේ පියවරයන් පිළිබඳව උපදෙස් ලබා දෙමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවේ, කුඩා දරුවන්ට ශල්‍ය මුහුණු ආවරණ පැළඳිය යුතු අතර වැඩිහිටි දරුවන්ට ශල්‍ය මුහුණු ආවරණ හෝ කේඑන් 95 මුහුණු ආවරණ පැළඳිය හැකි බවය.
චීනයේ සිනොෆාම් එන්නත පිළිබඳ අසත්‍ය තොරතුරු
සිනොෆාම් එන්නතෙහි සාර්ථකභාවය පිළිබඳ සැක දුරු කරමින් මහාචාර්ය නීලිකා පැවසුවේ, චීනයේ නිෂ්පාදනය කරන ලද එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ලියාපදිංචි කර ඇති බවත් එම නිසා එය විශ්වාසදායක එන්නතක් බවත්ය.
ඇතැම් රටවලට ඇතුළත් වීමේදී ලබාගෙන තිබිය යුතු එන්නත් වර්ග පිළිබඳ තොරතුරු විකෘති කර ඇති බව ද ඇය පැවසීය.
සිනොෆාම් එන්නත ලබා ගත් අයට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බව බොහෝ පුද්ගලයින් විශ්වාස කරන නමුත් එය අසත්‍යයක් බව ඇය අවධාරණය කළාය.
එවැනි නීති රීති පවතින්නේ එන්නත පිළිබඳ ප්‍රමාණවත් ලෙස අධ්‍යයනය නොකිරීම සහ දත්ත හේතුවෙන් මිස වෙනත් රටවල් එය අනුමත නොකළ නිසා නොවන බව ද ඇය සඳහන් කළාය.
පාසල් යළි විවෘත කිරීම ගැන අවසන් තීරණය?
යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ හෙන්රිටා ෆෝ සහ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්රි අසෝලේ උපුටා දක්වමින් මහාචාර්ය නීලිකා කියා සිටියේ “පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා නොසිටිය යුතු” බවය.
ඇය සිය සැසිය අවසන් කළේ, “ලබන ජනවාරි මාසය දක්වා තම දරුවන් නිවසේ තබා ගැනීමට දෙමාපියන් ඇත්තට ම එකඟ ද?” යන ප්‍රශ්නය ඉදිරිපත් කරමිනි.