කොළඹ කොටුවේ පිහිටි ඇවිදින මංතීරුවක් චීන ජාතිකයෙකුගේ අධීක්ෂණය යටතේ පැමිණි පිරිසක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

කොළඹ කොටුව රේගු මූලස්ථානයේ පසෙක සිට ලේක්හවුස් වටරවුම දක්වා මෙම ඇවිදින මංතීරුව හරහා ගමන් කිරීමේ හැකියාව පවතින අතර එමඟින් පදිකයන්ට පවතින මාර්ග තදබදය මග හැර ලේක්හවුස් වටරවුම දක්වා ගමන් කිරීමේ හැකියාව ලබාදීම සඳහා 2015 වසරේදී මෙය ඉදිකිරීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව වාර්තා වන්නේ චීන සමාගමක් මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට මෙම භූමිය ලබාදී ඇති බැවින් මෙම ඇවිදින මංතීරුව වසා දමන බවයි.