ඉන්දියාව බලා පිටත්ව ගිය යොහානි දිලෝකා ද සිල්වා පිලිගැනීමට නවදිල්ලි ගුවන්තොටුපල වෙත ලක්ෂ හතර හමාරක පමණ පිරිසක් සහභාගීවී සිටි බවට ඡායාරූපයක්ද සමග ලංකාදීප මුල්පිටුවේ පලකර තිබූ වාර්තාව සම්බන්ධයෙන් එම පුවත්පත සමාව අයැදීමක් සිදුකර තිබෙනවා.

ඒ, එම ඊට අදාල ඡායාරූපය අසත්‍ය බව හෙළිවීමත් සමඟයි.

එය සමාජ මාධ්‍යයෙන් උපුටාගත් ඡායාරූපයක් වන නිසා සිදුවූ ‘ප්‍රමාද දෝෂය’ සම්බන්ධයෙන් කණගාටු වන බවයි එම පුවත්පත පවසන්නේ.