අගොස්තු 21දායින් පසුව අඩුම PCR පරීක්ෂණ ප්‍රමාණයක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකළ දිනය ලෙස ඊයේ (20දා) සටහන් වී තිබේ.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 8338ක් වන අතර RAT පරීක්ෂණ සංඛ්‍යාව 2181කි
අගෝස්තු 21දා ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ 19963ක් හා RAT පරීක්ෂණ 5473 ක් සිදුකර තිබුණි.
ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිතයන් තහවුරු කර තිබුණේ 1518කි. එය සති කිහිපයකට පසුව වාර්තාවූ අඩුම අගය වෙයි. එසේම ඊයේ දිනයේදී වාර්තා කළ මරණ සංඛ්‍යාව 93කි.