ඛනිජ තෙල් ආනයනය වෙනුවෙන් විදේශ රටවලට ගෙවිය යුතු ණය පියවීම සදහා ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක (රුපියල් බිලියන 500 පමණ) විශාල ණය මුදලක් ලබා ගැනීම සඳහා රජය තීරණය කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබේ.

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ විශ්‍රාම වැටුප් අරමුදල් වෙතින් මෙම මුදල ණයට ගැනීමට රජය අපේක්ෂා කරනු ලබන අතර මේ සදහා පුද්ගලික අංශයේ පාර්ශවයන් කිහිපයක් රජයට යෝජනා ඉදිරිපත් කර තිබේ.

කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම යෝජනා අධ්‍යයනය කිරීමෙන් පසුව කොන්දේසි පිළිබඳ අවසන් එකඟතාවයන් වලට පිවිසීමට මේ වනවිට සාකච්ජා කරමින් පවතී. ඛනිජ තෙල් ආනයනය සදහා ගෙවිය යුතු විශාල මුදලක් නොගෙවීම නිසා රාජ්‍ය බැංකු දෙකක් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටියි.