IMF යනු යකෙක් නොවෙන බවත් IMF සමඟ තාමද මෙගොසෙෆ් කරන තිබෙන බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.

‘එක්ව ජයගමු’ නම් අද දෙරණ විශේෂ වැඩසටහනකට සහභාගීවෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

මමත් BOI එකේ ඉන්න ⁣වෙලාවට ටැක්ස් කට් කියලා ආවා,ඒ කියන්නේ ටැක්ස් හොලිඩේ දෙන්න එපා කියලා.මම ඊට පස්සේ ඒ ගොල්ලන්ට පෙන්නුවා බංග්ලාදේශ් මෙහෙම ටැක්ස් හොලිඩේස් දෙනවා,ඉන්දියාව මෙහෙම දෙනවා,මැලේසියාව මෙහෙම දෙනවා මේක තියෙනවා ඔගොල්ලොන්ට ගැරෙන්ටියක් දෙන්න පුළුවන් ද මට ඉන්මෙස්මන්ට් නොආවොත් ගැරෙන්ටියක් දෙන්න කියලා.දෙවෙනි මීටින් එකේ මට කියනවා පොයින්ට් එක ඉවත් කළා කියලා.මෙහෙමයි නිළධාරින් ඉන්න ඔනේ මේ හැම එකක්ම IMF දෙන ඩොකියුමන්ට් අත්සන් කරන්නේ නැහැ.මේවගේ සමහර දේවල් තියෙනවා දුප්පත් මිනිහෙකුට සලකන්න එපා කියලා මේක කපන්න කියලා කිව්වොත් අපේ මිනිස්සු මැරෙන්න ද කියලා ඇහුවාම ඒක අහන්න පුළුවන් මි⁣නිහෙක් ඉන්න ඔනේ ඒකට.

මෙහෙමනේ ජාති දෙකයි හොදටම බය වුණාම යකා කියලා දෙන ඩොකියුමන්ට් එක අයේ මුකුත් බලන්නේ නැහැ.හැබැයි අපි ළගට ආවොත් ඩොකියුමන්ට් එකක් එහෙම කරන්නේ නැහැ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“ඩොලර් රට ඇතුළට එන්නේ කොමොහද?.. සංචාරකයෝ එන්න ඔනේ. නැත්නම් විදේශගතව වැඩ කරපු අයගේ ඒවා එන්න ඕනේ. ඩොලරයේ මිල රුපියල් 235යි 240යි කිව්වාම මේකෙ ඇතුළෙ ඉන්න ඔක්කොම මිනිස්සු එකතු වෙලා නටනවා දැන් ඩොලර් එක 235යි කියලා. එහෙම නටලා රටේ තියෙන විශ්වාසය බිඳපු ගමන් මේක අතනට දුවනවා. ඔය හැමෝම කියන විදිහට රටවල් දුවන්න බෑ. රට දුවන්න අනිවාර්යයෙන්ම මේක 203, 205 ලෙවල් එකේ තියාගන්න ඕනේ. මම පුද්ගලිකව එක්ස්පෝට් කරන එක ඇත්ත. මෙහෙම ආවොත් මට ලාභ වෙන එකත් ඇත්ත. හැබැයි මේ පුටුවේ ඉඳගෙන මම රට ගැන කතා කරනවා නම් ඒ ඩොලර් ගැන ඒ විදිහට කතාකරන්න බෑ. මේක කතා කරන්න ඕනේ රට පැත්තෙන්.”