මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ලබන 14 වැනිදා සිය ධූරයෙන් ඉල්ල අස්වීමට තීරණය කර තිබේ.

එම ආරංචි මාර්ග වලට අනුව වාර්තා වූයේ මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය

මහාචාර්ය ලක්ෂ්මන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත් කිරීමට නියමිත බව ද පැවසේ

ඔහුගෙන් පසු ඊළඟ මහ බැංකු අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් බව ද වාර්තා වන අතර ඔහු එම ධූරය බාර ගන්නේ නම් කොන්දේසි කිහිපයක්ද පනවා ඇතැයි ද පැවසේ .

එහි මූලික කොන්දේසියක් වන්නේ ඉහළ නිලධාරීන් තමන්ගේ කටයුතු ඇඟිලි නොගැසීමය. ඔහු එලෙස එම ධූරය භාර ගතහොත් දැනට එම ධූරය දරණ මහාචාර්ය ලක්ෂ්මන්ට වෙනත් තනතුරක් ලබා දීමට ජනාධිතිවරයා එකඟ වී ඇතැයිද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පුරප්පාඩු වූ රාජ්‍ය අමාත්‍යධූරය කවරෙකුට ලබා දෙයිද? යන්න ගැන මේවන විට විවිධ අදහස් දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජ මාධ්‍යයන්හි ද පැතිරෙමින් තිබේ. එහිදී නම් දෙකක් යෝජනා වී ඇති බව පැවසේ. ඒ අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු පුටුව ලබා දෙමින් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ සහ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් යෝජිත බව වාර්තා වේ