ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරින්ද ප්‍රියදර්ශන කල්පගේ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා මහත්මිය නියෝග කළේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කල අධිකරණය ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා වෙත ද දන්වා යන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

සෑම මසකම අවසන් ඉරු දින උදේ 9ත් 12ත් අතර කාලෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණයක් තවත් අප කොන්දේසියක් වශයෙන් සැකකරුට නියම කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය දත්ත පද්ධතියේ තොරතුරු මැකී යාමේ සිද්ධිය වලක්වා නොගැනීම ගැනීම, අමතර දත්ත පද්ධතියක් පවත්වා නොගැනීම හේතුවෙන් සාපරාධී විශ්වාසය කඩ කර පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.