පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඉෂාලිනී ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල ලබා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා අද (06) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මහතා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පසුගිය දා  නියෝග කළ අතර, ඒ අනුව නඩුවේ පස් වන සැකකරු ලෙසයි ඔහුව ඉදිරිපත් කර ඇත්තේ.