මෙරට සීනි මිල ජනතාවට දරා ගැනීමට නොහැකි තරම් ඉහළ යාමට හේතුවත් විපක්ෂයේ කාලකණ්ණි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

එහිදී සීනි ආනයනකරුවන් විසින් ‍රටේ විවිධ ප්‍රදේශවල සීනි තොග සඟවා සිටි බවත් එලෙස කටයුතු කළ පුද්ගලයන් විපක්ෂයට සම්බන්ධ බව මේ වනවිට ආනවරණය වී ඇතැයි ඔහු පවසයි.

මේ වනවිට සීනි මෙට්‍රික් ටොන් 30,000 කට වැඩි ප්‍රමාණයක් රජය භාරයට ගෙන ඇති අතර එම සීනි තොග රාජ්‍ය හා පෞද්ගලික ‍අලෙවිසැල් මගින් පහසු මිලට අලෙවි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ඩිලාන් පෙරේරා පවසයි.

පාරිභෝගික අධිකාරිය වැටලූ සෑම ගබඩාවක්ම විපක්ෂයට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ බවත්, එක්කෝ ඒවා හිටපු ඇමතිවරයෙකුට හෝ විපක්ෂයේ පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුට හෝ සම්බන්ධ බවත් ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටින ජනතාව අපහසුතාවයට පත් කරමින් සීනිවලින්ද ජනතාව ගසාකෑමට කටයුතු කර තිබෙන්නේ විපක්ෂය විසින් බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.