විදේශ අමාත්‍යවරයා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යොමු කර තිබූ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණ් ඊට පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

එලෙස සාකච්ඡාවක් ලබාදීමට කාදිනල් හිමියන් සූදානම් නමුත් ඊට පෙර ආණ්ඩුව කොන්දේසි කිහිපයක් ඉටු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණ් විදේශ අමාත්‍යවරයා වෙත දන්වා යවා තිබෙනවා.

ඒ් අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුතු බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ. මීට අමතරව තවත් කොන්දේසි කිහිපයක් ඇති බවයි වාර්තා වන්නේ.