ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හිමිකර ගැනීමට සමත් වුණා.

දිනේෂ් එහිදී මීටර 67.79ක දක්ෂතාවක් දැක්වූ අතර එය එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් ලෙසද සටහන් වුණා.

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පලමු රන් පදක්කම මෙයයි.