ස්වාධීන රූපවාහිනී සේවයේ හා ජාතික රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති නැරඹීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි නව පරපුරේ සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න පවසයි.

“ITN සහ Rupawahini news බලන්න බැරි තත්වයට දැන් පත්වෙලා තියෙන්නේ උදේ ඉදලා ඔබතුමාලා ගිය තැන් ටිකයි කන බොන ටිකයි බලන්න මිනිස්සුන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

ඉරාජ් වීරරත්න මේ බව ප්‍රකාශ කළේ ඇමතිවරුන්ගේ වැරදි වැඩ පවතීනම් ඒවා රාජ්‍ය මාධ්‍ය තුළ විවේචනය කිරීමට අවස්ථාවක් පවතින බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කළ ප්‍රකාශකට සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වමිනි.