වැලිගම ප්‍රාදේශීය සභාව මගින් “පුර නැගුම” ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු කල “නිසල අරණ” ආදාහනාගාරය ජනතා අයිතියට පත් කිරීම ඊයේ (18) දින පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

රුපියල් ලක්ෂ 700ක වියදමකින් ඉදිකරන්නට යෙදුණු මෙම ආදාහනාගාරය නවීන අංග රැසකින් සමන්විත බවත් ඊට ළමා උද්‍යානයක්ද ඇතුළත් බවත් පැවසේ.

කෙසේ නමුත් මෙහි විශේෂත්වය වන්නේ ආදාහනාගාරයේ සමරු ඵලකයේ නම් නම් 54 ක් ඇතුලත් වීමත් තමන්ගේ නම ඇතුලත් වීමයි.

වසර දෙකක කාලයක් තුළ වැඩකටයුතු නිම කල මෙම ආදාහනාගාරය විවෘත කිරීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් ලේකම්, දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.