අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 914ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,796 ක්.

ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,152 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.