හිටපු මන්ත්‍රී ටියුඩර් ගුණසේකර කොවිඩ් ආසාදිතව මරුට

ගම්පහ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඞ් ආසාදිතව මිය ගොස් ඇත. මිය යන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවූ අතර හෙතෙම ගම්පහ ප‍්‍රථම දිසා ඇමැතිවරයාද විය. හිටපු ජනාධිපති ජේආර්. ජයවර්ධන මහතාගේ ප‍්‍රභල ආධාරකරුවකු වූ ඒ මහතා 77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය.