මහාචාර්ය මලික් පීරිස්ට චීනය විසින් 2021 වර්ෂයේ අනාගත විද්‍යා ත්‍යාගය පිරිනමා තිබෙනවා.

ඒ අනුව මහාචාර්ය මලික් පීරිස්ට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිව තිබෙන බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ. 2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැළකෙන බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

මලික් පීරිස් හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා. මහාචාර්ය මලික් පීරිස්ට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග්ට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.