බෙලිඅත්ත, අම්පිටිය, කඹුරුගමුව, කුරුණෑගල සහ කන්තලේ වැව් ආසන්නයේ ඇවිදින මංතීරු සහිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් බිලියන 2ක මුදලක් වෙන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මහතා පැවසීය.

සංවිධානාත්මකව අදාළ සංවර්ධන කටයුතුවලට විරෝධය පළ කළ ද, එම ව්‍යාපෘති අත්හිටුවීමට කටයුතු නොකරන බව එන්.පී.කේ. රණවීර මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, පරිසර සංවිධාන , ආගමික නායකයින් සහ ගොවි සංවිධාන ඇතුළු පාර්ශව ව්‍යාපෘතියට විරුද්ධව ගොනු කරන කරුණු සාධාරණ නම් පමණක් ඊට යහපත් ප්‍රතිචාර දක්වන බවය.

මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් වාරිමාර්ග දෙපාර්තමේන්තු ඉංජිනේරුවරුන්ගේ නිර්දේශ මත ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ ය.