ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. 

“ඉදිරි සතිය තුළ දැනට තිබෙන සීනි මිල වැඩිවීම අඩුකිරීමට පියවර ගන්නවා. සති 2ක දී සීනි කිලෝග්‍රෑමයක් උපරිමය රු. 125කට වඩා අඩුමිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය රජය විදිහට අරගෙන තිබෙනවා. දැනට සීනි සඳහා පාලන මිලක් නැති නිසා. අපට මිල පිළිබඳව වැටලීම් කරන්න බැහැ. රු. 85ට පාලන මිලක් දාලා අපි ඉවත් කළේ. ඒක ප්‍රායෝගික නොවන නිසා. ලෝක වෙළෙඳපොළේ ප්‍රවනතාවය බලන්න ඕනේ. ලෝක වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළ යනවා. පාලන මිලක් දැම්මොත් ප්‍රායෝගික වෙයිද ? ප්‍රායෝගිකව කළ නොහැකි නම් ගැසට් ගහන්නේ නැහැ.“

දේශීය වෙළෙඳපොළ තුළ මේ වන විට සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 200කට අධික මුදලකටය.