වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එම දෙපාර්තුමේන්තුවට අයත් ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම හා කරුවලගස්වැව පිහිටි කැලෑ පද්ධතියෙන් හෙක්ටයාර් 100 ක භුමියක් සම්පූර්ණයෙන් කපා  නැවත වන වගාවකට සැරසෙන බව පරිසරවේදීහු චෝදනා කරති.

පුත්තලම සෙල්ලකන්දල් හා කරුවලගස්වැව මුරුක්කුවටවන පිහිටි හෙක්ටයාර් 100 කට ආසන්න භූමියක ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතිය ජනතා සහභාගිත්වයෙන් මෙසේ කපා දමා ඇති බව පරිසර සංවිධාන චෝදනා එල්ල කරයි .

අදාල රක්ෂිත තුළ පිහිටි බුරුත,කළුවර,මී,ඉගිනි, කොහොඹ , වීර , ඇතුළු ශාක වර්ග කපා ගිනි තබා ඩෝසර් කරමින් ඇති බවත් එම පරිසර පද්ධතිය තුළ ස්භාවිකව ඇති වනාන්තරය මෙසේ වනසා නැවත කායා , කොහොඹ සිටුවීමට සැලසුම් කර ඇති බව කියයි.

මෙම රක්ෂිත වනාන්තර පද්ධතිය වැනසීමත් සමග අලි මිනිස් ගැටුම තවත් උග්‍ර අතට පත්වීමේ අවධානමක්ද ඇති බව ජනතාව චෝදනා කරති.

මෙම වගා කටයුත්ත සදහා මේ වන විට සෙල්ලකන්දල් හා මුරුක්කුවටවන ප්‍රදේශ වල 50 කට ආසන්න පිරිසක් තෝරා ගෙන ඔවුන් ප්‍රතිලාභින් ලෙස නම් කර ඇති බවද කියයි.

මේ පිළිබදව පුත්තලම දිසා වන නිළධාරි සරත් කුමාර මහතාගෙන් කළ විමසීමේදි මෙසේ කීය.

මෙය නැවත වන වගා කිරීමේ කටයුත්තක් ජනතාව සහභාගිත්වයෙන් තමා සිදුවන්නේ මේ අනුව පුත්තලම හා ආණමඩුවේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුට අයත් භුමි වල හෙක්ටයාර් 100 ක නැවත වන වගාව ආරම්භ කරන්න වනජීවි සම්පත් හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය මගින් තමා මෙහි සම්පූර්ණයෙන් මෙහෙයවීම සිදුවන්නේ ඒ අනුව කොහොඹ හා කායා නැවත වන වගාව යටතේ සිදුවනවා .

ඒ අනුව තෝරා ගත් ගොවීන් මෙම භුමි තුළ අදාල වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ලබා දෙන පැල සිටුවීම කරන්න වෙනවා.එයට ගෙවීමක් ලබා දෙනවා ඒ වන වගාව තුළ වසර පහක් යන තුරු යටි වගාවක් ලෙස ගොවීන්ට ඔවුන්ගේ වගාකටයුතු කරන්න අවස්ථාව ලබා දෙනවා යැයි පැවසිය.

මේ සදහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගෙන ඇත් දැයි කල විමසිමේදි දිසා වන නිළධාරි වරයා පවසා සිටියේ එය අවශ්‍ය නොවන බවයි.

කෙසේ නමුත් පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ හෙක්ටයාරයකට වැඩි වන එළි පෙහෙලි කිරීමක් සදහා අනිවර්යෙන් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බවයි.

-ලංකාදීප