මරණීය දණ්ඩනය නියමවී සිර දඬුවම් විඳිමින් සිටි මොහොමඩ් නියාස් නවුෆර් නොහොත් ‘පොට්ට නවුෆර්’ කොවිඩ්-19 වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අද (අගෝස්තු 28) රාත්‍රී 7.30ට පමණ ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බවය.

ඔහු වකුගඩු රෝගාබාධයකින් ද පෙළෙමින් සිටි ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබේ.

හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නවුෆර් ඇතුළු කිහිප දෙනකුට මරණ දඬුවම නියම වූයේ 2004 වසරේ අගෝස්තු 4 වන දා ය.