සමහරු බැසිල් රාජපක්ෂ පැමිණ ලංකාවේ ආර්ථිකය ගොඩ දමනකන් බලන් සිටින බව සමඟි ජන බලවේගයේ පා.ම නලින් බණ්ඩාර පවසනවා.

බැසිල් පාර්ලිමේන්තුව පැමිණීම සමගි ජන බලවේගයට ප්‍රශ්නයක් නොවන බවත් බැසිල් රාජපක්ෂ ෆෙල් වුහොත් ඊළඟට ගෙන එන්නේ කවුරුදැයි නලින් බණ්ඩාර ප්‍රශ්න කර සිටියා.

පා.ම නලින් බණ්ඩාර,

“කට්ටිය බලන් ඉන්නවා බැසිල් ඇවිල්ලා හරි ගොඩ දායි කියලා.බැසිල් එනවා කියන එකනම් අපිට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.දැන් ආර්ථිකය 10%ට නග්ගවයි.හොදට වැඩේ කරයි.අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි.දැන් බැසිල් ෆෙල් වුණාම ඊළඟට ගෙන්නේ කවුද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ”